Powered by Blogger.

නොමියෙන ආදරේ.....

කවමදාවත් වැටුනේ නැති මගේ හිත එක වචනයෙන් පිස්සු වට්ටලා....
කිසි කෙනෙක් නොදැකපු කදුළු බින්දු එක තත්පරෙන් එලියට අරන්....
මිලියන බිලියන ගානක් පොලවට හලන්න තරම් ආදරයක්....
කොහොමද මට දුන්නේ මගේ පණ...
කවදාක හරි ඒ ආදරේ මගෙන් ඇත් උනොත් මාව පිස්සෙක් වගේ මැරිලා යාවි කියන දේ...
මරණෙන් වත් කෙලවර නොවන අපේ ආදරේ ආගිය මතක...
අපේ හිත් වල ආත්මයෙන් ආත්මයට යාවි කියන දේ මතක් වුනේ නැද්ද මගේ පණ...
මෙච්චර බලාපොරොත්තු ගොඩක් මගේ ජීවිතේට දීල..
එක තත්පරයකින් හැමදේම අරගෙන මගෙන් තත්පරයකටවත් එහාට යන්න 
කවදාවත් 
කවමදාවත් හිතන්න එපා මගේ පණ...
මම ඒ හීන වලට.. ඒ මතක වලට ගොඩාක් ආසයි...
ඔයාව සන්තෝසෙන් තියන්න... හිනාවෙන් පුරවල තියන්න...
මම කොච්චර මහන්සි වෙනවද කියන දේ...
මේ කදුළු කැට කවදා හරි කියාවි මගේ පණ...
හැම ජිවිතයකටම දෙවැනි වතාවක් තිබුනට..
කවදාවත් මගේ ජීවිතේට දෙවෙනි වතාවක් නෑ...
සත්තයි...
මගේම පණට තියෙන මගේ ආදරේ..
ඒ දෙවෙනි වතාව ආවම..
ඇස් දෙකෙන් ගලන කදුළු බින්දු..
විලාප දේවි.. කෑ ගහල කියාවි...
මුළු ලෝකෙටමත් වඩා මගේම රත්තරන්ට තිබුන මගේ ආදරේ සුන්දරම තැන්..
ලෝකයක් කතා හදපු අපේ ආදරේ ගැන...
වචන දාහකින් නොකියවෙන ගොඩාක් දේ ඒ කදුළු වල හැංගිලා තියේවි...
ඔයා අකමැති නම් මට ආදරේ නොකර ඉන්න ඒත්...
මම ඔයාට කරන ආදරේ නවත්තන්න..
ඔයා මගේ වෙන්න තියෙන ඉඩ අහුරන්න කවදාවත් එපා මගේ පණ...
යටගියාවේ විලාප කදුළු වලට කතා කරන්න ඉඩ දෙන්න එපා...
මට ඔයා මගෙ පණ වගේ.....

0 comments:

Post a Comment